brand logo

මා අත්අඩංගුවට ගැනීමේ අරමුණ ගෝඨාභය සහ මහින්ද ජිනීවා යැවීමයි - කරන්නාගොඩ

19 February 2020

තමා අත්අඩංගුවට ගැනීම මගින් එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන යාමට යහපාලන ආණ්ඩුව සූදානම් වූ බවට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (18 වැනිදා) පැවැසීය. එසේම යහපාලන රජයට අවශ්‍ය වී තිබුණේ ජිනීවා යෝජනාවලට අනුව රජය කටයුතු කරන බවට ජාත්‍යන්තරයට පෙන්වීමටයි. යුද සමයේ හිටපු ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පෙන්වීමටය. මා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළේ ඒ අනුවයි. තරුණයන් එකළොස්දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට සීඅයිඩී හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ​පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මගෙන් පළිගැනීමේ චේතනාවෙන් මා ඇතුළු නිලධාරීන්ට නඩු පැවැරීමට කටයුතු කළා යැයි කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් වසන්ත කරන්නාගොඩ වැඩිදුරටත් පැවැසීය. මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ඉකුත් යහපාලන රජය සමයේ පක්ෂ නායකයන් හමුවන කමිටුවක් තිබූ බවයි. එම කමිටුවේදී තමා නඩුවලට පැටලවීමට දේශපාලනික බලපෑම් සිදුව ඇති බවටත් කීවේය. 2015-2019 වර්ෂයේ සිදුවී ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිසම ඊ​යේ (18 වැනිදා) සාක්ෂි විමසීම් ආරම්භ කළේ පළමුවරටය.   වරුණි පෙරමුණ
 

More News..