brand logo

මාළු කඩේ විෂබීජහරණයට ඇවිත් ලක්ෂයට ආසන්න දේපොළ කොල්ල කාලා

07 November 2020

වසා දමා තිබූ හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්‍ය වෙළඳපලේ විෂබීජහරණයට ලක් කිරීමට පැමිණි හැටන්, දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙළඳසැලේ තිබු මූදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එම මත්ස්‍ය වෙළෙඳපලේ කලමණාකාරවරයා පවසයි. කොවිඩ් 19 වයිරසය අසාධනය වූ අසාධිතයෙකු හමුවීම නිසා එම මත්ස්‍ය වෙළඳපල වසා දමා වෙළෙඳසැලේ සේවය කළ සේවකයින් සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. එම ස්වයං නිරෝධායනය අද (07) අවසන් වීමෙන් පසු මත්ස්‍ය වෙළෙඳපලට පැමිණි එම සේවකයින් විසින් එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදි විෂබීජහරණයට පැමිණි නගර සභා සේවකයින් මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය දැක තිබේ. මත්ස්‍ය වෙළෙඳපලේ මුදල් කවුන්ටරය කඩා එහි තිබූ රුපියල් 37000ක මුදල් සහ අලෙවි කිරීමට තිබු රුපියල් 50000ක් පමණ වටිනා මිරිස් කුඩු, පොල්තෙල් බෝතල් කිහිපයක් සහ පාරිභෝගියන්ට මාළු ලබාදීමට තිබූ පත්තර තොගයක්ද ඔවුන් සොය ගෙන ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එම මත්ස්‍ය වෙළෙඳසැලේ කලමණාකරු විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.
 

More News..