brand logo

මාස 7ක දරුවෙකුටත් කොරෝනා

08 January 2021

මෙරට මාස 7ක කුඩා දරුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ත්‍රිකුණාමලය ශ්‍රීමාපුර ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් එම දරුවාට කොරෝනා බවට තහවුරු වී ඇත. දරුවාගේ මව ද පසුගිය දිනෙක පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී එම කාන්තාවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. මේ හේතුවෙන් දරුවා අද (08) දිනයේ මෙලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට යොමු කර තිබුණි.
 

More News..