brand logo

මාස 11කට දුම්රියේ පාඩුව රු.කෝටි 800ක්

26 December 2019

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 2019 වසරේ ගතවූ මාස 11ක කාලයේදී සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 800ක් බව ගණනය කර ඇත. මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (24දා) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී ඇත. දුම්රිය එන්ජින් සහ මැදිරි අලුත්වැඩියා කිරීම සඳහා අධික මුදලක් වැයවීම සහ මාසික මගී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නිසා සිදුවන පාඩුව මීට ප්‍රබල ලෙස බලපා ඇති බව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. 2019 වර්ෂය තුළ පමණක් ශ්‍රී ලංකා දුම්රිය සේවය එන්ජින් සහ දුම්රිය අලුත්වැඩියා කිරීම් 33000ක් සිදුකර ඇත. අලුත්වැඩියා කිරීම් සඳහා වැය කළ මුදල අති විශාල බවද නිලධාරීන් පෙන්වා දී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සහ පරිශ්‍ර කුලියට ලබාදී ඇත. එම ඉඩම් සහ පරිශ්‍රවලින් නිසි ආදායමක් නොලැබෙන බවද මෙහිදී අනාවරණය විය. දුම්රිය දෙපාර්තමේන්තුව සතු සම්පත්වලින් උපරිම ලාභ ලබාගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදී ඇත. උදයජීව ඒකනායක
 

More News..