brand logo

මාස දෙකකම එකම විදුලි බිලේ

15 June 2021

පැවති කොවිඩ් වසංගත තත්ත්වය මත මාස දෙකටම එකම විදුලි බිලක් ලබා දී පුවතක් ඇරැව්වල, වෙරළුගස් හන්දිය, පැලවත්ත පාර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඒ අනුව පසුගියදා සති දෙකක පමණ කාලයක් කොවිඩ් වසංගත තත්ත්වය මත සම්පූර්ණයෙන් හුදෙකලා කිරීම නිසාවෙන් ඉකුත් දෙමස තුල එහි පදිංචි නිවැසියන්ට නියමිත පරිදි ලැබීමට තිබූ විදුලි බිල් නිසියාකාරව ලැබී නැත. අනතුරුව ජුනි මස (14) දින එම මාස දෙකට අදාල භාවිතා කරන ලද ඒකක ප්‍රමාණය එකට එකතු කර මාස දෙකෙහිම භාවිතය එක් බිල්පතක් ලෙස ලබා දීම මත තමන් මහත් අපහසුතාවයට පත්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගයි. [caption id="attachment_151554" align="aligncenter" width="720"] මාස දෙකක් එකතු වූ විදුලි බිලක්[/caption] එම ප්‍රදේශයේ මහජනයා මැසිවිලි නගන්නේ අදාළ බිල්පත්වල ඒකක ප්‍රමාණය එකවර සටහන් කර දීමෙන් තමන් බිල්පත් ගෙවා ගැනීමට නොහැකි තත්වයට පත්ව ඇති බවයි. මේ පිළිබඳව බලධාරීන්ගේ නිසි අවධානය යොමුකර යම් සහන කාලයක් ලබාදෙන ලෙස සහ අදාල ඒකක ප්‍රමාණය පමණක් වෙන වෙනම ගණනය කර එම ඒකක ප්‍රමාණයට අදාල බිල් පත්‍රයක් ලබා දෙන ලෙසත් ප්‍රදේශවාසීන් වගකිවයුත්තන්ගේන් ඉල්ලා සිටී.     දිනේෂ් රූපසිංහ - පිළියන්දල  
 

More News..