brand logo

මාස තුනකට පසු ක්‍රිකට් පිටියට ආ මැතිව්ස්

05 March 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්ව සිට ඊයේ නැවත ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබෙනවා. මාස තුනකට පසු ක්‍රිකට් පිටියට පැමිණියත් මැතිව්ස් අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඊයේ (04) එම තරගයට සහභාගි වී තිබෙන්නේ. කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතරයි එම තරගය ඊයේ කෝල්ට් පිටියේදී පැවැත් වුණේ. එහිදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 6කට මුහුණ දුන් අතර, ඔහුට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 4ක් පමණයි. මැතිව්ස් පසුගිය දෙසැම්බර් මස නවසීලන්තය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වුණා. ආබාධය හේතුවෙන් මැතිව්ස්ට විවේක ගැනීමට සිදුවූ අතර, ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියද අහිමි වුණා.
 

More News..