brand logo

මාසිකව අධික කුලී මුදලක් ගෙවන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල සම්බන්ධ ජනපති කොමිසම අද සාක්ෂි කැඳවයි

20 June 2019

2015 වසරේ සිට 2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා කිහිපයකට අදාළ පැමිණිලි විභාගය සදහා රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම අදත් (20) රැස්වීමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යාමට මාසිකව අධික මුදලක් ගෙවමින් කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (20) කොමිසම හමුවට කැඳවා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් වන රසිකා අබේවීර නමැත්තියයි. පෙරවරු 9.30 ට කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස ඇයට දන්වා ඇතැයි ජනාධිපති කොමිසම පැවසුවේය. කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම විමර්ශනයට සමගාමීව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී නිලූකා ජයසිංහ මහත්මියට ද දැනුම් දී ඇති බවයි. රාජගිරිය – ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යන ගොඩනැගිල්ලට මාසිකව ගෙවනු ලබන කුලී මුදල රුපියල් මිලියන 21 කට අධික වේ.
 

More News..