brand logo

මාසයක් මහන්සි වෙලා හදන සුපිරිම Celebrity Calendar

19 February 2021

රැෆෙල්ලා ප්‍රනාන්දු කියන්නේ ළමාවියේ සිටම Fashion Design & photography ගැන හීන දකින යුවතියක්. ඒ හීනය අද වන විට දේශීය මෙන්ම ජාත්‍යන්තරයද ජය ගනිමින් රැෆෙල්ලා ප්‍රනාන්දු කියන නම සන්නාමයක් කරගෙන අවසන්. ගෙවුණු වසර කිහිපය තුළම වසරේ මුල් භාගයේදී අපිට රැෆෙල්ලා සමීප වන්නේ Celebrity Calendar එක තුළින්. අඛණ්ඩව වසර 9ක් මේ අපූරු Celebrity Calendar එකත් එක්ක එන රැෆෙල්ලා සමග අපි මොහොතක් කතා කළා... 2021 වසර ආරම්භ වෙන්නෙම අභියෝග රැසක් එක්ක. ඒ අභියෝග අතරේ තමා රැෆෙල්ලා මේ ලස්සන වැඩේ කරන්නේ. අපි කතා කළොත් 2021 Celebrity Calendar එකේ නිර්මාණ පසුබිම. අනිත් හැම අවුරුද්දකටම වඩා කණ්ඩායමක් අපි එක්ක වැඩ කළා. 38 දෙනෙක් ඉන්නවා අංග රචනා ශිල්පීන්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්, නිය අලංකරණ ශිල්පීන් සහ අනෙකුත් සහායකයන් ඇතුළුව. ඇඳුම් නිර්මාණය - එෂාන් ද සිල්වා, රමේෂා ඕෂිනි, කනිෂ්ක සඟබෝ ඩයස්, එරංජනා ජයවර්ධන makeup ආර්ටිස්ලා වශයෙන් හසිනි ගුණසේකර, ධනංජය බණ්ඩාර, ලක්ෂිත ජයසිංහ, හරූන් ෂයිධීන්, ලක්ඛිත උක්වත්ත, තිසර ප්‍රියදර්ශන, නුවන් විජේතුංග යන අයත්, Fashion Designersලා වශයෙන්, හේෂාන් ද සිල්වා, වෙනුක වික්‍රමාරච්චි, එරංජන ජයවර්ධන, Grooms Arts, රමේෂා ඔෂිනි, කනිෂ්ක සංඝබෝ ඩයස්, Make my bridal atelier, Ye Couture කියන අයත් සම්බන්ධ වුණා. ඒ එක්කම වෙන අවුරුදුවලට වඩා වෙනස් ඒ වගේම අලුත් දේවල් අපි එකතු කළා. ඒ අත්හදා බැලීම් සාර්ථකයි කියලා හිතෙනවා මේ ලැබෙන ප්‍රතිචාර එක්ක. ඒ එක්කම මෙවර ක්ලැන්ඩර් එක එළිදක්වන මොහොහොතට අලුත් අත්දැකීමක් එකතු කරලා තිබුණා... ඔව්, ඒකත් අලුත්ම අත්දැකීමක් වුණා. වයිබ්‍රිෂන් කියන ආයතනය එක්ක තමා අපි මේ සැරේ Celebrity Calendar එක එළිදැක්වීම කළේ. ඒ එක්කම සෝජායි කියන තේ එක හඳුන්වා දීමක් කළා. ඒ වගේ දෙයක් මීට පෙර සිදුවෙලා නැහැ. ඒ වගේම තමා අපි හැමෝටම කිව්වා සුදු පැහැයෙන් සැරසිලා එන්න කියලා. වයිබ්‍රිෂන්හි ප්‍රගීත් තමා මේ වෙනස් අත්දැකීම් එකතු කරමු කිව්වේ. සාර්ථකයි ඒ අත්හදා බැලීමත්. යොදා ගත්ත කලාකරුවන් ගැනත් අපි කියමු... මේ සැරේ කලාකරුවන් 13 දෙනෙක් අපි යොදා ගත්තා. ජනවාරි මාසය අපි වෙනසක් කළා. ජනවාරි මාසය ගත්තම අපි යොදා ගත්ත කලාකරුවන් 13 දෙනාම යොදා ගෙන පවතින තත්ත්වයට ගැළපෙන සහ මුහුණු ආවරණ පැළඳීම ගැන යම් පණිවිඩයක් සමාජ ගතකළා. වසර නවයක් තුළ මම මේ දේ කරගෙන යද්දී පළවැනි එකේ ඉඳන්ම මේ දක්වා ඉන්න ආදරණීය රංගන ශිල්පියා තමයි සාරංග දිසාසේකර. ඊට අමතරව ශලිනි අවුරුදු හයක විතර හිටියා. රවින් කණිෂ්ක සහ සංගීතා වීරරත්න දෙවැනි සැරේට මා එක්ක වැඩ කළේ. ඒ එක්කම මේ සැරේ පළවැනි පාරට මම යොදා ගත්තා සචිනි නිපුන්සලා, නිරංජනී ශාම්මුගරාජා සහ රන්දීර්ව. මට අවශ්‍ය වුණේ රංගන ගායන නිවේදන කියන අංශ තුනේම නියෝජනයක් එක් කරන්න. කලාකරුවන් තෝරා ගන්නේ කොහොමද, මොකක්ද එතැනදී මූලික වෙන්නේ... ඒක තමා අමාරුම. ගොඩක් අය ආසාවෙන් ඉන්නවා. මාස 12ක් නිසා අපිත් හිරවෙනවා. ඒ නිසා මේක අපි කරන්නේ එක පැත්තකින් චිත්‍රපටයකට කට්ටිය තෝරා ගන්නවා වගේ වැඩක්. අපි තෝරා ගත්ත සංකල්ප එක්ක වඩාත් සුදුසුම කවුද කියන එක ගැන හිතලා ඒ ගැන අධ්‍යනයක් කරලා තමා අපි මේ කණ්ඩායම යොදා ගන්නවා කියලා හිතන්නේ. පසුගිය වසරවලට වඩා මේ වසර අභියෝගාත්මකයි හැම අතින්ම, රැෆෙල්ලට කොහොමද ඒ අභියෝග දැනුණේ... පවතින වාතාවරණය එක්ක තිබ්බ ලොකුම අභියෝගය තමා දර්ශන තල කැමති කරවා ගන්න එක. එතකොට යන කණ්ඩායමේ ආරක්ෂාව. අඩු කාලයක් අපිට තිබ්බේ. කාලයත් එක්ක ලොකු ගැටලුවක් තිබ්බා. කාලය කළමනාකරණය කර ගත්තේ හරි පරිස්සමෙන්. උදේ හවස අපි එක දිගටම වැඩ කළා. ජනවාරි මාසය තුළ තමා අපිට ගොඩක් දේවල් කර ගන්න වුණේ. මේ ජනවාරි කියන්නේ ගොඩක් අය කාර්යබහුල වුණු මාසයක් වුණා. මොකද හුදකලා කිරීම්වලට ලක්වෙලා ටිකක් හරි නිදහසේ වැඩක් කරන්න හැමෝම වගේ පටන් ගත්තේ ජනවාරි මාසයේ නිසා. ඇතැම් කලාකරුවන්ට දින තිබ්බේ නැහැ. නමුත් මම වෙනුවෙන් ඒ අය කොහොම හරි වෙලාව වෙන් කරගත්තා. නමුත් අද වෙද්දී ලැබෙන ප්‍රතිචාර එක්ක ඒ මහන්සිය අපතේ ගියේ නැහැ කියන සතුට හිතට දැනෙනවා. අනූෂා රණසිංහ
 

More News..