brand logo

මාවනැල්ල බුදු පිළිම කැඩූ සැකකරුවන් හත්දෙනා 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

02 January 2019

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළා. බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුළු බුද්ධි අංශවල කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් මෙම සිදුවීමේ ප‍්‍රධාන පෙළේ සමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි එකම පවුලේ අයියා සහ මල්ලි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නඩුව අද දිනයේ විභාගයට ගත් මොහොතේ මාවනැල්ල බුදු පිළිම කැඩිමට අමතරව අදාල සැකකරුවන් ගම්පොල, පොල්ගහවෙල, ඇතුලූ තවත් ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩිමේ සිද්ධින් වලට සම්බන්ධ බව පොලීසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නා. ඉදිරි දින වල එම ප‍්‍රදේශවල අධිකරණයන් වලට ඉදිරිපත් කිරීමට අවසරය ඉල්ලා සිටි අතර එහිදි පොල්ගහවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පමණක් ජනවාරි 9 වැනිදා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නියෝගය ලබා දිම එහිදි සිදු වුණා. මේ වන විට වැරදි කරුවන් බවට පත් වි අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හත් දෙනා අවුරුදු 25 ට අඩු වයස් සිමාවන් වල පසුවෙන අය වන බවද පොලීසිය පවසනවා.
 

More News..