brand logo

මාල 16කට විද්ද "මාල ගිරවා "කොටුවෙයි

21 June 2021

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රන් මාල 16ක් පමණ සොරකම් කළ බව පැවසෙන හුළං නොහොත් මාල ගිරවා නමැත්තා කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රන් මාල 4ක් කොල්ලකෑමේ චෝදනාවකට වුවද මීට පෙර රන් මාල 12ක් කොල්ලකෑමේ වරදට අධිකරණය හමුවේ නඩු ගණනාවක්ම විභාග වෙන බවද පොලිසිය පවසයි. කටුගස්තොට ගාලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරුට විරුද්ධව ගලගෙදර, ගම්පොළ, කඩුගන්නාව ආදී ප්‍රදේශවල සිදුවූ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු හතරක් පමණ තිබෙන බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. සැකකරු විසින් මෑතකදී කටුගස්තොට පොලිස් වසමෙන් සොරාගන්නා ලද රන් මාල හතරෙන් දෙකක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වන බවද පොලිසිය පවසයි. සැකකරු පසුගිය දා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. විජේරත්න හල්ඔලුව-හාරිස්පත්තුව
 

More News..