brand logo

මාල කැඩූ මෘදුකාංග ඉන්ජිනේරුවා හසුවෙයි

11 April 2021

කාන්තාවන්ගේ රන් අභරණ සහ අත්බෑග කොල්ලකා පලාගිය පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ. කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනය වූ දුම්රියක ගමන්ගත් කාන්තාවකගේ රන් අභරණ දමා තිබූ අත්බෑගය පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කොල්ලකෑ බවට පොලීසියට පැමිණිලි ලැබී තිබුණ අතර ඒ අනුව පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් කළ විමර්ශයකින් පසු සොරකම් කරන ලද දෑ සොයාගෙන ඇත. ඒ අනුව අත්බෑගය හා රුපියල් 207,000 පමණ වටිනා රන් ආභරණ හා ජංගම දුරකථන දෙකක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වශයෙන් කටයුතු කර ඇති සැකකරු කලක පටන් පිටකොටුව බස් නැවතුම්පොළේ හා විවිධ ප්‍රදේශ වල කාන්තාවන්ගේ අත්බෑග හා රන් ආභරණ සොරාගෙන ඒවා උකස්කර මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බව ද සොයාගෙන තිබේ.
 

More News..