brand logo

මාලි 2020 IPL තරගාවලියෙන් ඉවත්වෙයි

03 September 2020

ශ්‍රී ලංකාවේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ මුම්බායි ඉන්දියන්ස් කළමණාකාරිත්වය විසින් ඒ බව තහවුරු කර ඇති බවයි. ඒ අනුව ඔ්ස්ට්‍රේලියානු වේග පන්දු ක්‍රීඩක ජේම්ස් පැටින්සන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කැදවා තිබේ. මාලිංග විසින් මුම්බායි කණ්ඩායමට ලබාදුන් සම්පූර්ණ සහයෝගය පැටින්සන් විසින් ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරිනිය වන අක්ෂා අම්බානි විසින් මාධ්‍ය වෙත සදහන් කර තිබේ. ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානයේ හිමි කර ගෙන ඇති අතර, ඔහු තරග 122කට සහභාගි වී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 170ක්.
 

More News..