brand logo

මාලි චන්දි ඇන්ජි තිසර හා ක්‍රීඩා ඇමති හමුවෙයි

11 February 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව සඳහා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, හිටපු එක්දින නායක තිසර පෙරේරා එක්ව තිබෙනවා. පැය දෙකකට ආසන්න කාලයක් මෙම හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති බවයි අමාත්‍යංශය ආරංචි මාර්ග සදහන් කළේ. ක්‍රීඩකයන් අතර පවතින ගැටළු අමතක කොට ක්‍රීඩාවට අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩගැනීම සදහා කළ යුතු කරුණු සම්බන්ධයෙන් ද මාලිංග, මැතිව්ස්, චන්දිමාල් හා තිසරගෙන් අමාත්‍යවරයා අදහස් විමසා තිබෙනවා.
 

More News..