brand logo

ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයත් සමග මාලිගේ සමුගැනීමේ තරගය වර්ණවත් ලෙස නිමාවට පත්වෙයි

27 July 2019

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගය ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 314ක් රැස්කර ගත්තේය. එහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 111ක් ලබාගැනීමට සමත් විය. ඊට හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත් වේ. ඔහුට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් ලබාගත්තේය. ඉන් අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිල පන්දුවාර 41යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 223ක් පමණීයි. බංග්ලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆික රහීම් ලකුණු 67ක් ලබාගත් අතර, සබීර් රහමාන් ලකුණ 60ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී සිය අවසන් එක්දින තරගයේදී කඩුළු 3ක් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය. ඒ පන්දුවාර 9යි පන්දු 4කදී ලකුණු 38කට නිපන්දු පන්දුවාර 2ක් යවමින්. මාලිංගට අමතරව නුවන් ප්‍රදීප් කඩුළු 3ක් ද දවාගත්තේය. ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ජයගෙන ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ.
 

More News..