brand logo

මාලිංග LPL තරගාවලියෙන් ඉවත් වෙයි

20 November 2020

ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඒ එම තරගාවලිය සදහා සූදානම්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව පවසමින්. මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයා ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරවාලියට සහභාගි නොවන බවට දැනුම් දී ඇත. ඒ කායික ආබාධයකට ලක්වීම හේතුවෙනි. ක්‍රිස් ගේල් තෝරා තෝරා ගැනුනේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන්වීම ද විශේෂත්වයක්. මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන විදේශීය ක්‍රීඩකයින්, කාර්ය මණ්ඩල සහ තරගාවලි සංවිධාකයින් මේ වන විට දිවයිනට පැමිණෙමින් සිටියි. තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
 

More News..