brand logo

මාලිංග සහ පාණ්ඩ්යා මුම්බායි පිලට ජයගෙන එයි

04 April 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති 15 වැනි තරගය ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්ව තිබේ. ඒ චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායමයට එරෙහිවයි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 170ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී සූර්යකුමාර් යාදේව් ලකුණු 59ක් ලබාගත්තේය. ඊට අමතරව කුර්නල් පාණ්ඩ්යා ලකුණු 42ක්, හර්ඩික් පාණ්ඩ්යා නොදැවී ලකුණු 25ක් සහ කිරන් පොලාඩ් නොදැවී ලකුණු 17ක් ලබාගැනීමට සමත් වූහ. ඉන් අනතුරුව පිටියට පැමිණි මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 133ක් පමණියි. එහිදී කේදර් ජාදේව් ලකුණු 58ක් ලබැගනීමට සමත් විය. පන්දු යැවීමේදී ලසිත් මාලිංග සහ හර්ඩික් පාණ්ඩ්යා කඩුළු 3 බැගින් දවා ගත්තේය. ඒ අනුව මුම්බායි පිලට ලකුණු 37ක ජයක් හිමිවිය. මුම්බායි පිල මෙතෙක් තරග 4කට සහභාගි වී ඇති අතර, ඔවුන් තරග දෙකක් ජයගෙන තිබේ. චෙන්නායි පිල සහභාගි වූ පළමු තරග තුනම ජයගත් අතර, මෙවර අයි.පී.එල්. තරගාවලියේ ඔවුන් ලද පළමු පරාජය මෙය වේ. මේ අතර ලසිත් මාලිංග අද අළුයම ශ්‍රී ලංකාවට පැමිණි තිබේ. ඒ සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහායි. ගාල්ල කණ්ඩායමේ කළමණාකරු ශම්මි ගුණසේකර මහතාගෙන් අරුණ කළ විමසීමකදී ඔහු සදහන් කළේ අද අළුයම ලසිත් මාලිංග දිවයිනට පැමිණි බවයි. ගාල්ල කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ ලසිත් මාලිංගටය.

ලසිත් මාලිංග දවාගත් කඩුළු තුන මෙතනින් බලන්න

   
 

More News..