brand logo

මාලිංග වටිනම කඩුළු 3ක් දවාගනී - පුහුණුකරු මහේල මාලි ගැන කියපු කතාව

06 May 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයේදී මුම්බායි කණ්ඩායම කඩුළු 9කින් ජයග්‍රහණය කිරීමට සමත්විය. මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 133ක් ලබාගත්තේය. අනතුරුව පිටියට පැමිණි මුම්බායි පිල පන්දුවාර 16යි එක් පන්දුවකදී ලකුණු 134ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය. මෙම තරගයේදි මුම්බායි පිල වෙනුවෙන් ලසිත් මාලිංග කඩුළු 3ක් දවා ගනු ලැබුවේය.

මාලිංග කඩුළු 3ක් දවාගත් හැටි මෙතනින් බලන්න

ඊට අමතරව බුම්රා සහ හර්ඩික් පාණ්ඩ්යා කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් විය. මෙම තරගයෙන් ලැබූ ජයග්‍රහණයෙන් පසුව මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ දක්ෂතාවය සහ ඔහුගෙන් කණ්ඩායමට වන සේවාව පිළිබදව අදහස් පළ කර තිබේ. "ඔහුට (මාලිංගට) මෙය ලේස් පහසු දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේදි තරග කිහියක් ක්‍රීඩා කරනවා නැවත IPL සහභාගි වී ක්‍රීඩා කරනවා. ඔහු ඇත්තටම අපේ කණ්ඩායමේ ලොකු කොටසක්. ඔහු අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්."

මාලිංගගේ දක්ෂතාවයන් පිළිබද මහේල දැක්වූ අදහස බලන්න

 
 

More News..