brand logo

මාලිංග ලීග් ක්‍රිකට් වලටත් සමුදෙයි

21 January 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ අනුව අයි.පී.එල් තරගාවලියේ ඔහු නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ද ඉවත් වනු ඇත. මේ සම්බන්ධයෙන් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලේ හිමිකාරිත්වයට දැනුම් දී ඇති අතර, ඔවුන් ද මාලිංගගේ තීරණයට ගරු කරන බව නිල වශයෙන් සදහන් කර ඇත. අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නට හිමි ස්ථානයේ රැදී සිටින්නේ ලසිත් මාලිංගවීම ද විශේෂත්වයකි. මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් තරග 122කට සහභාගි වී ඇති මාලිංග කඩුළු 170ක් දවාගෙන ඇත. අයි.පී.එල් මෙන්ම ඔස්ට්‍රේලියා බිග් බෑෂ් ලීග් තරගාවලිවල ද ලසිත් මාලිංග ඉහළ දක්ෂතා දක්වා තිබේ. මේ වන විට ටෙස්ට් ක්‍රිකට් සහ එක්දින ක්‍රිකට් වලින් සමුගෙන සිටින මාලිංග ඉදිරියේදී පන්දුවාර විස්ස ක්‍රිකට් තරගවලින් ද සමුගැනීමට නියමිතයි.
 

More News..