brand logo

මාලිංග යළි එන බව මැතිව්ස් කියයි

13 August 2018

ලසිත් මාලිංග විශිෂ්ඨ පන්දු යවන්නෙකු බවත් ඔහු ශ‍්‍රී ලංකා පිලේ ඉදිරි සැලසුම් අතර සිටින බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. සංචාරක දකුණු අප‍්‍රිකාව සමග පස්වැනි එක්දින තරගය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් ‘‘පළමු තරග තුනේදී එක් තරගයක් දිනලා තිබුණා නම් තරගාවලිය වෙනස් අතකට යන්න තිබුණා. නමුත් අන්තිම තරග දෙකේදී හරි අපිට දස්කම් දක්වන්න ලැබීම පිළිබඳව ගොඩක් සතුටුයි. ‘‘මේ ජයග‍්‍රාහී මානසිකත්වයෙන් විස්සයි විස්ස තරගයට ගිහින් ජයග‍්‍රහණය කිරීමයි කණ්ඩායමේ බලාපොරොත්තුව“ යැයි පවසා සිටියේය. ලකුණු 29 කට කඩුලූ 6 ක් දවාගනිමින් පස්වැනි එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා පිගේ ජයග‍්‍රහණය උදෙසා විශිෂ්ඨ සේවයක් කළ අඛිල ධනංජය පිළිබඳව අදහස් දැක්වූ මැතිව්ස් ‘‘අඛිල අවුරුදු 18 දී ඔහුගේ පළමු තරගය ක‍්‍රීඩා කරපු විදිහෙයි දැන් ක‍්‍රීඩා කරන විදිහෙයි ලොකු වෙනසක් තියෙනවා. ඔහු හොඳ ආත්ම විශ්වාසයකින් පන්දු යවනවා. හොඳ පාලනයකින් යුතුව විවිධ පන්දු යවන්න ඔහු දැන් බය නැහැ“ යි වැඩිදුරටත් පැවසීය.
 

More News..