brand logo

මාලිංග මුම්බායි වලට ගිහින් කියන්න තියෙන දේ ලංකාවේදීම කියයි

27 March 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබාදීම පිළිබදව මාලිංග අදහස් දක්වා තිබේ. එම ප්‍රකාශය පහතින් බලන්න..... ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා විදිහට මම හිතනවා පළාත් තරගාවලිය ක්‍රීඩාකිරීම ඉතාම වැදගත් කියලා. ඒකට හේතුව තමයි මටත් දැකබලා ගන්න අවස්ථාව ලැබෙනවා අපේ ක්‍රීඩකයන් කොහොමද දක්ෂතාවයන් දක්වන්නේ කියලා. මම ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට, මාව අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර ලබාදීම පිළිබදව. මම මුම්බායි වලට යනවා, ගිහින් මට මුම්බායි කණ්ඩායමේ කළමනාකාරිත්වය එක්ක කතා කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළාත් තරගාවලියට සහභාගිවීමට මාව නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පන්දුවාර 50 සුපිරි පළාත් තරගාවලිය අප්‍රේල් මස 04 වැනිදා ආරම්භවීමට නියමිතය. ලසිත් මාලිංග එම තරගාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකයා ද වේ.  
 

More News..