brand logo

මාලිංග මුම්බායි පිල බේරාගනී

29 March 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) දින රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 6 කින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 187ක් රැස්කර ගැනීමට සමත් විය. මුම්බායි පිල වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා ලකුණු 48ක් ලබාගත්තේය. ඉන් අනතුරුව පිටියට පැමිණි විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී රැස්කර ගත හැකි වන්නේ ලකුණු 181ක් පමණීයි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම වෙනුවෙන් ඒබී ඩි විලියර්ස් නොදැවී ලකුණු 70ක් රැස් කර ගත් අතර, විරාට් කෝලි ලකුණු 46ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී මුම්බායි පිල වෙනුවෙන් බුම්රා කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. මෙම තරගයේ විශේෂත්වය නම් ලසිත් මාලිංග හට එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි වන අතර, තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරය නායක ශර්මා විසින් ලසිත් මාලිංගට භාරදීමය. අවසන් පන්දුවාරයට බැංගලූර් කණ්ඩායමට ලකුණු 17ක් ලබාගැනීමට අවශ්‍යව තිබුණද, මාලිංග අවසන් පන්දුවාරයට ලබාදෙනු ලැබුවේ ලකුණු 10ක් පමණීයි. ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ වාර්තා කර තිබේ.

තරඟයේ තීරණාත්මක අවසන් පන්දුවාරය මෙතනින් බලන්න

 

More News..