brand logo

මාලිංග තවම තීරණයක් අරගෙන නැහැ

15 May 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායක ලසිත් මාලිංග සදහන් කරයි. අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ ලබන 18 වැනිදා සහ 21 වැනිදා ස්කොට්ලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින තරග සදහා තමන්ගේ නම එම සංචිතයට නම් කර නොමැති බවයි. අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ලසිත් මාලිංග ශ්‍රී ලංකාවට පැමිණියේ අද (15) පෙරවරුවේ දීය. ලසිත් මාලිංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග 12කට සහභාගි වෙමින් කඩුළු 16ක් දවාගැනීමට සමත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලියෙන් පසු ලෝක කුසලානයට සහභාගි වන බවයි.
 

More News..