brand logo

මාලිංග එංගලන්තයට

27 May 2019

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහාය. මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් පුහුණු තරගය අද (27) සව්ත්හම්ප්ටන් හි The Rose Bowl පිටියේදී පැවැත්වීමට නියමිතයි. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට පැවැත්වීමට නියමතයි. මෙම තරගය සදහා ලසිත් මාලිංග බොහෝ දුරට සහභාගිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
 

More News..