brand logo

මාලිංග ඉන්දීය රු. කෝටි 2කට විකිණෙයි

18 December 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේදි ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට විකිණී තිබෙනවා. ලසිත් මාලිංග මෙලෙස එක්කරගෙන තිබෙන්නේ මුම්බායි ඉන්දියන්ස් පිල විසින්ම වීම විශේෂ සිදුවීමක්. මාලිංග මීට පෙර පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලේ වේග පන්දු යැවීම් අංශයේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කරනු ලැබුවා. ලසිත් මාලිංග මේ වන විට නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා.
 

More News..