brand logo

මාලිංග අපිට ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙක් - රෝහිත් ෂර්මා

04 March 2019

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක ලසිත් මාලිංග තමන් ඇතුළු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙක් බව රෝහිත් ෂර්මා පවසනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භවීමට තවත් තිබෙන්නේ දින 19ක කාලයක් පමණයි. තරගාවලිය ආරම්භයට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා මාලිංග පිළිබදව අදහස් කිහිපයක් දක්වා තිබෙනවා. "මාලිංග අපිට හැමදාමත් ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙක්. වසර ගණනාවක් ඔහු IPL වෙනුවෙන් ක්‍රීඩා කළා. හොදට ක්‍රීඩා කළා. IPLවල වැඩිම කඩුළු ලබාගෙන පෙරමුණේ ඉන්නවා. මාලිංග නිසා තරග දිනලා තියෙනවා. මම හිතන්නේ ඔහු හරිම අමාරු ක්‍රීඩකයෙක් අනෙක් කණ්ඩායම් වලට. පසුගිය වසරේ මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග සිටියත් ඔහුට කණ්ඩායමත් සමග ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ. නමුත් මෙවර ඔහු අපත් සමග ක්‍රීඩා කරනවා. ඔහුට කියලා ඉලක්කයක් තියෙනවා. කොහොම වුනත් මාලිංගට ජාතික කණ්ඩායම සමග තරග තිබෙනවා. ඉදිරියේදී ඔහුට ලෝක කුසලානය තිබෙනවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත ලසිත් මාලිංගගේ නැවත පැමිණීම ඉතාමත් වැදගත් කියලා මම හිතනවා." https://youtu.be/LMKHnMrd238
 

More News..