brand logo

මාලිංගගේ ගාල්ල කණ්ඩායමෙන් මැතිව්ස්ගේ දඹුල්ල කණ්ඩායමට ලකුණු 346ක අභියෝගයක්

06 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැති තරගය පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 345ක් ලබාගැනීමට සමත්ව තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම පළමු පන්දුවට පහරදීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණි ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 345ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ධනංජය සිල්වා ලකුණු 89ක්, ලහිරු තිරිමාන්න ලකුණු 82ක් , මිලින්ද සිරිවර්ධන ලකුණු 65ක් සහ මිනෝද් භානුක ලකුණු 44ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ඉෂාන් ජයරත්න කඩුළු 3ක් දවාගත් අතර, ඉසුරු උදාන කඩුළු දෙකක් දවා ගත්තේය. ඒ අනුව මෙම ජයග්‍රහණය කිරීම සදහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ලකුණු 346ක් ලබාගත යුතුවේ. https://youtu.be/yccAjMQo21k
 

More News..