brand logo

මාලිංග - අවිශ්ක - ධනංජය - ඇන්ජිගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකාවට ජය

22 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 20කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 232ක් රැස්කර ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 39කදී ලකුණු 49ක් රැස්කර ගැනීමට සමත් විය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85ක් රැස්කර ගත්තේය. අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 47කදී ලකුණු 212කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. එංගලන්තය වෙනුවෙන් ජෝයි රූට් ලකුණු 57ක් ලබාගත් අතර බෙන් ස්ටොක් නොදැවී ලකුණු 82ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලසිත් මාලිංග කඩුළු 4ක් දවාගත් අතර, ධනංජය ද සිල්වා කඩුළු 3ක් දවාගැනීඹට සමත් විය. ඉසරු උදාන කඩුළු 2ක් දවාගත් අතර නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් පමණක් දවාගත්තේය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ කඩුළු 4ක් දවාගත් ලසිත් මාලිංගටය. https://youtu.be/MMU3-nsKhEs
 

More News..