brand logo

මාලිංගගේ උතුරා ගිය මනුස්සකම

11 June 2019

ක්‍රිකට් වසන්තය උදාවෙලා...  මුළු ක්‍රිකට් පිටියම උණුසුම් වෙලා. උණුසුම් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් මාධ්‍යයට වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ගැන ඉතා හොඳ පුවතක් ආරංචි වුණා. ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පුහුණු තරගය ඉවර වෙලා ලසිත් මාලිංග සෙමින් සෙමින් ක්‍රීඩාගාරයට පිය නැගුවා. මාලිංග ළඟට දුවගෙන එන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මඳවේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන මාකස් ස්ටොනික්. මොහොතක් ඔවුන් දෙදෙනා ක්‍රීඩා පිටිය මැද නතර වෙලා කතා බහ කරනවා. ස්ටොනික් මාලිංගගෙන් අහන්නේ එක් දින තරගවල වේගපන්දු යවනකොට භාවිත කරන උපක්‍රම ගැන. ක්‍රීඩාපිටිය තුළ ඔවුන් එකිනෙකාට විරුද්ධව තරග කළත් මාලිංග ස්ටොනික්ට කිසිම දෙයක් නොසඟවා මාලිංග දන්නා දෙය කියලා දෙනවා. විශේෂයෙන්ම එක්දින තරගවල තීරණාත්මක අවස්ථාවේ මඳවේග පන්දු යවන ආකාරය හා යෝකර් පන්දු යවන ආකාරය මාලිංග ස්ටොනික්ට කියලා දෙනවා. අයි.පී.එල්. අවසාන මහා තරගයේ අවසාන පන්දු ඕවරය යවා ජයග්‍රහණය කළ ආකාරය මාලිංග උදාහරණ සහිතව ස්ටොනික්ට පහදලා දෙනවා. ඉතා සුහදව දෙදෙනා ක්‍රීඩාපිටියෙන් වෙන් වෙනවා. මාලිංග තමා හා ස්ටොනික් අතර වූ කතාව මාධ්‍යයට ප්‍රකාශ කරනවා. මගෙන් දෙයක් දැන ගන්න එන කෙනෙක්ට මම හරිම කැමැත්තෙන් උදව් කරන්නේ. අපි තරග කරනකොට හැප්පෙනවා. නමුත් එතැනින් එහා දන්න දේ කියලා දෙනවා. ක්‍රිකට් මහත්මා ගුණය හා තමන්ගේ මහත්මා ගතිය මාලිංග මුළු ලෝකයටම පෙන්නුවේ ඒ ආකාරයටයි. https://youtu.be/XBCe5xya6Ik
 

More News..