brand logo

මාලඹේ එකම පවුලේ තිදෙනෙක් කොරෝනාවෙන් මියයයි

05 May 2021

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් මියගොස් ඇති බව තලංගම පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ අවුරුදු 82ක අසල්වැසි නිවසක ජීවත්වූ ඔවුන්ගේ ඥාති කාන්තාවකි. මිය ගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහුගේ බිරිද විශ්‍රාමික හෙදියකි. මිය ගිය අනෙක් වයෝවෘද්ධ කාන්තාව මිය ගිය අඹුසැමි යුවළගේ දියණියගේ සැමියාගේ මව බව පොලීසිය පවසයි. මියගිය අඹුසැමි යුවළගේ දියණිය හා ඇයගේ සැමියා මෙන්ම පුතුණුවන්ද කොරෝනා වයිරසය ආසාදිතව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. මියගිය තිදෙනා ඉකුත් 22 වන දින අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ඇති අතර පසුගිය තුන්වැනිදා ඔවුන් තිදෙනාම මියගොස් තිබේ.එදිනම මියගිය අයගේ අවසන් කටයුතු මුල්ලේරියාව ආදාහනාගාරයේදී සිදු කල බව පොලිසිය පවසයි.
 

More News..