brand logo

මාලදිවයිනේ සිරවී සිටි ලාංකිකයින් 176ක් දිවයිනට

15 July 2020

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියත් සමග මාලදිවයිනේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ. අප වාර්තාකරු සදහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස මාලදිවයින සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බවයි අද (3.10ට) පමණ මෙරටට පැමිණි මෙම මගීන් පිරිස ගුවන්තොටුපොළේ දී ම PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. ඉන් අනතුරුව ඔවුන් කොක්ගල පිහිටි හෝටලයක නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. අදාළ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය එකොළොස් දෙනෙකු පැමිණ තිබූ අතර එම කාර්යය මණ්ඩලයේ රැගත් ගුවන් යානය අද පස්වරු 5.00ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිටත්වීමට නියමිතයි. අමිල සම්පත් ශ්‍රී තිස්සමහාරාම
 

More News..