brand logo

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

12 July 2020

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම පිරිස මාලදිවයින තුළ සංචාරක හෝටල් ආශ්‍රිත රැකියාවල නියැළී සිටි අය බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් පිරිස මාලදිවයිනේ, මාලේ නුවර ගුවන්තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 102 දරණ ගුවන් යානයෙන් අද (12) දහවල් 11.30ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. කටුනායක ගුවන්තොටුපළ තුළ ස්ථාපිත කර ඇති නවතම වෛද්‍ය රසායනාගාරය තුළ දී මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කළ බව වාර්ථා වෙයි
 

More News..