brand logo

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර කර සිටින ලාංකිකයා බේරාගැනීමට ඇමති ෆයිසර් මුලිකත්වය ගනී

21 November 2018

මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකික ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීම සඳහා ෆයිසර් මුස්තාෆා මහතා මුලිකත්වය ගෙන සිටියි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මාලදිවයිනේ අලුතෙන් තේරී පත්වූ ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සෝලිහ් මැතිතුමාගේ දිවුරුම්දීමේ සමාරම්භක උත්සවයට සහභාගී විමට පළාත් සභා,පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මාලදිවයින බලා පසුගියදා පිටත් විය. එහිදී මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සමග මාලදිවයිනේ ආරක්ෂිත මෆුෂි බන්ධනාගාරයේ වසර තුනක් තිස්සේ සිර භාරයට ගෙන සිටි ලහිරු මධුශංක මන්කන්කන්ද මහතා බැලීමට අමාත්‍යවරයා කටයුතු කළෙය. ඔහු නිදහස් කර ගැනීම සඳහා දැනටමත් ආරම්භ කර ඇති සාකච්ඡා දිගටම කරගෙන යාමට ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමා කටයුතු කරණ ලදි. 2015 ඔක්තෝබර් 23 වන දින, ලහිරු මධුශංක මහතා මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබේ. 2016 සැප්තැම්බර් මාසයේ සිට නඩු විභාගයකින් තොරව රඳවා තබාගෙන සිටි අතර ඔහුගේ සිරගත කිරීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට ලක් විය. ලහිරු මධුශංක මහතා හට පසුගිය වසර තුනක කාලය පුරාවට සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා සාධාරණ නියෝජිතයකුට අවසර නොලැබිණි. වරදක් කල බවට ලහිරු මධුශංක මහතා හට ප්‍රමාණවත් හෝ පිළිගත හැකි සාක්ෂි නොමැති විය.එබැවින් ශ්‍රී ලංකා රජය සහ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ඔහු සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බව පෙන්වා දෙන ලදි. එහිදී ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කර සිටියේ එම යෝජනා අසාර්ථක වුවද, ඔහුගේ මූලික නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය නොකඩවා උත්සාහ දරා ඇති බවයි. ලහිරු මධුශංක මහතාට යුක්තිය ඉටුකිරීමට අපගේ සාමූහික ප්‍රයත්නයන් අප කවදාවත් අත් නොහැරියෙමු. හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සමඟ ඔහුගේ සේවය ලබා ගැනීම සඳහා සෑම පියවරකදීම අපි වැඩ කළා. මම ඔහු සමඟ දිගටම සාකච්ඡා කර ඇති අතර, ඔහු වෙනුවෙන් අපගේ ධනාත්මක සම්බන්ධය නිරන්තරයෙන් පැවතියා යනුවෙනි. නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ලහිරු මධුශංක මහතා නිදහස් කිරීම සහතික කිරීම සඳහා නීතිපතිවරයා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් කටයුතු කරගෙන යනු ලැබේ.මේ අනුව හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ මග පෙන්වීම අනුව ලහිරු මධුශංක මහතා නිදහස් කර ගැනීමට හැකියාව ඇති බව පෙන්වා දෙන ලදි. එහිදී ෆයිසර් මුස්තාෆා මහතා දීර්ඝ වේලාවක් ලහිරු මධුශංක මහතා සමග සාකච්ඡා කරණ ලදි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයෙකු වශයෙන් ෆයිසර් මුස්තාෆා මහතාගේ කැපවීම ඇගයීමට ලක් කල මාලදිවයින්හි බලධාරීන් සාකච්ඡා ධනාත්මක ලෙස කරගෙන යන අතර, මෙම තරුණයා නිදහස් කිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලාංකිකයින් ලෙස අපිට බලාපොරොත්තු තබාගත හැකි වේ. ඉදිරියේදී ලහිරු මධුසංක මහතා නිදහස් වී ඔහුගේ භාර්යාව හා කුඩා දරුවා සමඟ ඉක්මනින් නැවතත් එක්වන ශුභාරංචිය ලැබෙන තෙක් බලා සිටිමු.  
 

More News..