brand logo

මාලදිවයින් විදේශ කටයුතු ඇමති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හමුවෙයි

09 May 2019

මාලදිවයින් විදේශ කටයුතු ඇමති අබ්දුල් සහීඩ් මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. මෙහිදී පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින සිදුවූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිතුමාගේ හා එරට ජනතාවගේ කණගාටුව අබ්දුල් සහීඩ් මහතා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී පළ කළේය. එමෙන්ම මෙරට වත්මන් තත්වය සලකා මාලදිවයින් මුහුදු සීමාව උල්ලංඝනය කර එරට අත්අඩංගුවේ පසුවන ධීවරයින් පිරිස සහ ඔවුන්ගේ බෝට්ටු හතරද නිදහස් කිරීමට මාලදිවයින් රජය කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..