brand logo

මාරාන්තික චීන වෛරසය ගැන ශ්‍රී ලංකාව සීරුවෙන්

20 January 2020

චිනයේ ව්යාප්ත වෙමින් පවතින මාරාන්තික සාර්ස් වෛරසය හා සමාන කොරෝනා වෛරසය හේතුවෙන් ජපාන ජාතිකයකු හා චීන ජාතිකයකු මිය යෑමත් සමග මෙරට සෞඛ්ය ගුවන් සේවා රේගු ආගමන විගමන හා ආරක්ෂක අංශ සාමාජිකයන් ඒ පිළිබඳ දැනුවත් කර ඇතැයි බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වාර්තා සඳහන් කරති. එහි ප්රධාන වෛද්ය නිලධාරී ඩී. ආර්. පෙරේරා සඳහන් කරන්නේ උණ රෝගීන් පරීක්ෂා කෙරෙන යන්ත්ර මෙතෙක් ව්යාප්ත කර නොමැති නමුත් ගුවන්තොටුපළ සියලුම කාර්ය මණ්ඩල මෙම රෝගීන් හඳුනාගැනීම සඳහා දැනුවත් කර ඇති බවයි. ගුවන්තොටුපළේ මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් හඳුනාගත හොත් ලෝක සෞඛ්ය සංවිධානයේ උපදෙස්වලට අනුකූලව යමින් වහාම අන් පුද්ගලයන්ගෙන් හුදකලා කරමින් පරීක්ෂකාවට ලක්කොට ඔවුන්ව අංගොඩ වසන්ගත රෝග මධ්යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කෙරෙන බව ගුවන්තොටුපළ වාර්තා සඳහන් කරයි. මේ අතර සෞඛ්ය අමාත්යාංශයත් වසංගත රෝග විද්යා අංශය සඳහන් කරන්නේ පසුගිය දශක එකහමාරක කාලය ඇතුළත ලොව වාර්තා වූ මාරාන්තික සාර්ස් සහ ඉබෝලා වෛරස් තත්ත්වයන්වල දී දේශීයව අනුගමනය කළ ආරක්ෂණ උපදෙස් ඒ අයුරින්ම අනුගමනය කිරීම ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය සිය පාර්ශ්වය විසින් ද දැනුවත් කර ඇති බවයි. ජනතාව රැස්වන ස්ථානවල ගැවසීමෙන් වැළකීම කිවිසුම් යාමේදී ලේන්සුවක් භාවිත කිරීම පොදු ස්ථානවල දී නිතර නාසය සහ මුඛය ස්පර්ශ කිරීම වැළකීම මෙන්ම නිතරම දෑත් සබන් යොදා සේදීම මෙම වෛරසය වැළැක්වීම සඳහා පූර්ව ආරක්ෂිත ක්රමය ලෙස අනුගමනය කළ හැකි බව වසංගත රෝග විද්යා අංශය පවසයි. චීනයේ වුහාන් ප්රාන්තයෙන් වාර්තා වී ඇති මෙම වෛරසය 50 කට ආසන්න පිරිසකට වැලඳී ඇති බව තහවුරු වී අතර ජපාන ජාතිකයකු ඇතුළු දෙදෙනෙකු මේ වනවිටත් ඉන් මරුමුවට පත්ව ඇත. තවත් 1700 පමණ පිරිසක් මෙම වෛරසය ශරීරගත වීමේදී පෙන්වන පූර්ව රෝග ලක්ෂණ සහිතව හඳුනාගෙන ඇතැයි ද විදෙස් මාධ්ය වාර්තා කරයි. නයන තරංග ගමගේ
 

More News..