brand logo

මාර්තු 17 සිට 20 දක්වා වූ නඩු කැදවීම කල්යයි

16 March 2020

ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් අධිකරණ කටයුතු සීමා කිරීම පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඉදිරි දින හතර තුළ (17 සිට 20 දක්වා) කැදවීමට නියමිත නඩු විවෘත අධිකරණයේ කැදවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම සදහන් කරයි. ඒ වෙනුවට අප්‍රේල් මස පළමු සතියේදී නඩු විමසීම් සිදුකරන බවත්, නැවත දින නියම කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් පවසයි. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.එස්. සෝමරත්න මහතා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.
 

More News..