brand logo

මාර්තු මැද තෙක් පායනවා ඉදිරි දින තිහට විදුලිය දෙන්නවත් වතුර නෑ

01 February 2020

පවතින වියළි කාලගුණික තත්ත්වය පෙබරවාරි මාසය පුරාම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය. නැවත තද වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි වන්නේ මාර්තු මාසය මැදදී බවත්, අන්තර් මෝසම් තත්ත්වයක් සමග මාර්තු මාසයේ මැද වැසි ඇද හැලෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, පොල්ගොල්ල, මොරගහකන්ද ආදී ජලාශවල ජල ධාරිතාව සියයට අසූවක් (80%) දක්වා අඩුවී ඇතැයි මහවැලි අධිකාරිය පවසයි. ඉකුත් දෙසැම්බර් මාසයේදී වාන් දැමූ වැව් රැසකද ජල මට්ටම් විශාල ලෙස පහත වැටී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව පහත වැටීම නිසා ඉදිරි දිනවල නිෂ්පාදනය කළ හැකි සමස්ත විදුලි ධාරිතාව මෙගාවොට් පැය 1000ක් දක්වා අඩු වී තිබේ. මේ හේතුවෙන් ජලාශවලින් ඉදිරි දින තිහකටවත් අවශ්‍ය විදුලි ජනනය කිරීමට නොහැකිව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..