brand logo

මාර්තු අවසන් වීමට පෙර මරණ දඬුවම නියම වූ කුඩ්ඩන් 2කට තොණ්ඩුව

02 March 2019

මරණීය දණ්ඩනය නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ පුද්ගලයන්ගෙන් දෙදෙනකු මාර්තු මාසය අවසන් වීමට පෙර එල්ලා මැරීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්පසු එළැඹෙන අප්‍රේල් මාසය උත්සව සමයත්, මැයි හා ජුනි වෙසක් හා පොසොන් මාස බැවින් ඊට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය යොමුව ඇත. මරණ දණ්ඩනය නියම වී සිටින 1243කගේ පිරිසෙන් අභියාචනා මගින්ද, දඬුවම් තහවුරු වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 17කගේ නාමලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය මගින් ජනාධිපතිවරයාට භාරදී තිබේ. මේ වන විට පුරප්පාඩු වී ඇති අළුගෝසු තනතුර සඳහා අයැදුම්පත්‍ර කැඳවා ඇති අතර, ඊට දේශීය අයැදුම්කරුවන් 101 දෙනකු හා විදේශ අයැදුම්කරුවෙක් සමග අයැදුම්කරුවන් 102 දෙනකු යොමුකර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් සුදුස්සන් දෙදෙනකු මේ සතිය තුළ බඳවා ගැනීමටද කටයුතු කරන බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..