brand logo

මාර්තු අප්‍රේල් විදුලි බිලේ දෝෂපැමිණිලි 300ක්

02 June 2020

ඇඳිරිනීතිය පැවැති මාර්තු, අප්‍රේල් මාසවල විදුලි බිල්පත්වල දෝෂ පිළිබඳ පැමිණිලි තුන්සියයක් ඊයේ (01වැනිදා) දිනය වන විට ලැබුණු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. 2020 වසරේ ගත වූ කාලය තුළ විදුලි බිල්පත් පිළිබඳ පාරිභෝගික පැමිණිලි හයසියයක් ලැබී තිබේ. මෙම පාරිභෝගික පැමිණිගි පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් සහ විදුලි පෞද්ගලික සමාගමෙන් කරුණු විමසා සහනයක් ලබා දීමට නියමිතව ඇත. විදුලි බිල්පත් වෙන වෙනම ලබා දීම, බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දීම, බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද විදුලිය විසන්ධි නොකිරීම යන කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට පසුගියදා දැනුම් දුන්නේය. නමුත් ලැබී ඇති පැමිණිලි මත එම නිර්දේශ උල්ලංඝනය වී ඇති බව පෙන්නුම් කරන්නේ යැයි මහජන උපයෝගිතා කොමිසම අවධාරණය කරයි.   උදයජීව ඒකනායක
 

More News..