brand logo

මාර්ග කි.මී. ලක්ෂයක් සංවර්ධන වැඩසටහන හෙට මහනුවරින් ඇරඹෙයි

18 February 2020

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් හෙට (19) මහනුවරදී ආරම්භ කිරීමට නියමිතයි. හෙට පෙරවරු 9.30ට පේරාදෙණිය - ගලහ - දෙල්තොට - රිකිල්ලගස්කඩ මාර්ගයෙන් මෙම සංවර්ධන වැඩසටහන ආරම්භ වේ. මීට සමගාමීව මහනුවර දිස්ත්‍රික් වැඩසටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 2.30ට මිණිපේ මොරයායේදී පැවැත්වීීමට නියමිතයි. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය ජනතාවට ජාතික මහාමාර්ග පද්ධතියට ප්‍රවේශවීම සදහා වඩාත් කාර්යක්ෂම පහසුකම් සැලසීම පිණිස ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගවලට තදබදයෙන් තොරව ඇතුළුවිය හැකි ආකාරයට අතුරු මාර්ග කිලෝමීටර් 100,000ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ.
 

More News..