brand logo

මාර්ගෝපදේශ දෙනතුරු කොවිඩ් මරණ භූමදානය කරන්නේ නෑ

27 February 2021

කොවිඩ් මළ සිරුරු භූමදානය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොරෝනා මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ , අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කොරෝනා මරණ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ගතයුතු බවත් , එම ස්ථානවල ඇති ජල ධාරිතාව ද සොයා බැලිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. අනතුරුව එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා අවස්ථාව සැලසන බවත් සිරුරු භූමදානය කර ගැනීමට අත්‍යවශ්‍යම කෙනෙක් වේ නම් , එතෙක් එම සිරුරු අධි ශීතකරණයේ තැන්පත් කර තැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පවසයි.
 

More News..