brand logo

මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ පුද්ගලයෙක් මරුට

03 May 2021

මාර්ගයක ඇද වැටී සිටිය දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයෙක්ට කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වෙයි. එම පුද්ගලයා මිය යාමෙන් පසුව සිදු කරන ලද පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත. ඔහු පොල් කැඩීම තම ජීවන වෘත්තිය ලෙස සිදුකර ගෙන යන වෙන්නප්පුව - බුජ්ජම්පොළ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි. පසුගිය 02 වනදා සවස ඔහු වෙන්නප්පුව-බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටියදී 1990 ගිලන් රථයක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල්ගත කර සුළු වේලාවකින් ඔහු මියගොස් ඇත.
 

More News..