brand logo

මාර්ගගත ඉගැන්වීම් ගැන ගුරුවරුන්ගෙන් අහන්න කලාප කාර්යාලවලට අයිතියක් නෑ

05 June 2020

මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා කිසිදු පහසුකමක් නුදුන් නමුත් මාර්ගගත ක්‍රමය ඉගැන්වීම් පිළිබඳ ඇතැම් කලාප අධ්‍යාපන කාර්යාල ගුරුවරුන්ගෙන් විමසමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (4 වැනිදා) පැවැසීය. එම ඉගැන්වීම් කටයුතුවලට අදාළ දත්ත පිරවීම සඳහා ඇතැම් කලාප කාර්යාල විදුහල්පතිවරුන්ට පත්‍රිකාද දී ඇති බවත් හෙතෙම කීවේය. මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කළේ ගුරවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අවශ්‍යතාව විනා ඒ සඳහා අධ්‍යාපන බලධාරීන්ගෙන් කිසිදු උපදෙසක් මත නොවන බවද එහෙයින් ඒ සම්බන්ධයෙන් විමසීමට කලාප අධ්‍යාපන කාර්යාලවලට අයිතියක් නැති බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. නිලන්ත මදුරාවල
 

More News..