brand logo

මාරවිල ධීවරයෙකුට කොවිඩ්

10 October 2020

දික්ඕවිට ධීවර වරායෙන් ඉකුත් 08 වැනිදා මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග දික්ඕවිට ධීවර වරාය අද (10) තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. අදාළ ආසාදිතයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු වෙයි. අදාළ ආසාදිතයා තවත් ධීවරයින් 5 දෙනෙකු සමග මුහුදේ සිටියදී උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් යළි පැමිණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙන අතර මේ හේතුවෙන් යාත්‍රාවේ සිටි සෙසු ධීවරයින් 5 දෙනා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
 

More News..