brand logo

මාරපනදී සිදුවූ අනතුරකින් තරුණියක් සහ කුඩා දරුවෙක් මරුට

17 November 2018

රත්නපුර නිවිතිගල මාර්ගයේ මාරපන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් වයස අවුරුදු 26ක තරුණියක් සහ වයස අවුරුදු 2යි මාස 9ක් වූ කුඩා දරුවෙකු මියගිය බවයි. අදාළ මාර්ගයේ නිවිතිගල දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ බස් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් බස් රථයේ ගැටී පෙරළී තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ 06දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී පිටුපස ගමන් කළ කාන්තාවක් හා කුඩා දරුවෙකු මියගිය බවයි පොලීසිය පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 

More News..