brand logo

මාඵ අපනයන කර්මාන්ත ශාලාවක 45කට කොවිඩ්

30 November 2020

දංකොටුව හාල්දඬුවන ප‍්‍රදේශයේ පිහිටි මාඵ අපනයනය කරන කර්මාන්ත ශාලාවක සේවකයන් 45 දෙනෙකු කොරෝනා වෛයිරස ආසාදිතයන් ලෙස ඊයේ (29)තහවුරුවී ඇති බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහන් කරයි. වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකල පී සී ආර් පරීක්ෂණ වලින් ඉකුත් 26 වන දින මෙම කර්මාන්තශාලාවේ එක් සේවකයෙකු කොරෝනා වෛයිරස ආසාදිතයෙක් ලෙස හඳුනා ගන්නා ලදි. එම ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් 148දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ 27 සහ 28 යන දෙදින තුළ සිදු කර ඇති අතර එම පරීක්ෂණ වාර්තා වලින් මෙම ආසාදිතයින් 45දෙනා හඳුනා ගෙන ඇත. එම සේවකයන් වෙන්නප්පුව, හලාවත , ආරච්චිකට්ටුව, පල්ලම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අයත් පිරිසක් බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිත්සිරි යාපා මහතා පවසයි. මෙම කර්මාන්ත ශාලාවෙන් විශාල රෝගීන් පිරිසක් වාර්තාවෙලා තියෙනවා. ඒ තත්වය ගැටලුවක්. ආසාදිත රෝගීන් රෝහල්ගත කිරීමටත් ඔවුන් සමග සේවය කල අනෙක් සේවකයන් ආයතනය තුලම රඳවාගනිමින් ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදන බවත් පුත්තලන් දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ආර් එම් එස් ඩිනූෂා ප‍්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
 

More News..