brand logo

මානිප්පායි පොලීසියට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

24 July 2019

යාපනය,මානිප්පායි,ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් වෙත පහරදුන් ආවා කල්ලියට සම්බන්ධ බවට සැක කරන තවත් සැකකරුවන් දෙදෙනෙකු අද(24) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි. යාපනය ආරක්ෂක අංශ පැවසුවේ යාපනය මානිප්පායි පොලිසිය හා කෝපායි පොලිස් නිළධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදිද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. යාපනය චාවකච්චේරි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර බවද ආරක්ෂක අංශ පැවසීය. සැකකරුවන් පසුගිය 20 වැනිදා යතුරුපැදිවලින් පැමිණ පොලිසිය වෙත පහරදි තිබිණ. පොලිසිය වෙත සිදුකළ පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්විණ. යතුරුපැදි තුනකින් පැමිණ ප්‍රදේශ‍යේ මැර ක්‍රියාවන් සිදුකිරීමට ගමන් කරමින් සිටියදි අදාළ පිරිස පොලිසිය වෙත ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය සදහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේදී වයස අවුරුදු 19 ක තරුණයින් දෙදෙනෙකු හා වයස අවුරුදු 20 ක තරුණයෙකු අත්අඩංගුවට ගැණින. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..