brand logo

මාන්කුලම රෝහල පැවති ස්ථානයේ තිබි අස්ථි කොටස් කිහිපයක් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

12 February 2020

මුලතිව්,මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමුවු ස්ථානය පරීක්ෂා කිරීම මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධික්ෂයෙන් අද(12) සිදුකෙරිණ. මුලතිව් මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අදාළ ස්ථානයේ තිබි අස්ථි කොටස් කිහිපයක් ඊයේ(11) මතුව තිබිණ. නව වාට්ටු සංකීර්ණය සකස් කරන ස්ථානය බෝම්බ නිශ්ක්‍රීය අංශ හරහා පරීක්ෂා කිරීමට ලක්කළ අවස්ථාවේදී අදාළ අස්ථි කොටස් හමුව තිබිණ. අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය මගින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කොට තිබු අතර, අදාළ ස්ථානය ස්ථානය පරීක්ෂා කිරීම මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධික්ෂණයෙන් සිදුකෙරිණ. මහේස්ත්‍රාත්වරයා අද(12) අදාළ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැවසූවේ බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්,පුරාවිද්‍ය නිළධාරීන්,පොලිස් නිළධාරීන් සහභාගි කරවාගෙන හෙට(13) දිනයේදී කැනීම් ආරම්භ කරන ලෙසයි. මුලතිව් මාන්කුලම පොලිසිය පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ අස්ථි හමුවු ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවයි. මීට පෙර මන්නාරම තිරුකේදීශ්වරන් ප්‍රදේශයේදී හා මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේදීද මිනිස් අස්ථි කොටස් හමුවු අතර, පසුව කැනීම් තුළින් අනාවරණය වුයේ අදාළ ස්ථාන සමූහ මිනිවළවල් පැවති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..