brand logo

මාන්කුලමේ වැවක් කැඩී ඒ9 මාර්ගය යටවෙයි

23 December 2018

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(21) රාත්‍රියේ ඇද හැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් තත්වයක් හටගෙන ඇති අතර,මාන්කුලම ප්‍රදේශයේ වැවක් කැඩී යාමෙන් ඒ9 මාර්ගයේ ධාවන කටයුතු වෙනුවෙන් බාධා එල්ල වි ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසති. ප්‍රදේශයට මිලිමීටර 250 කට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර, කිලිනොචිචිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් යටවි ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසති. මාන්කුලම වැව කැඩීයාම හේතුවෙන් ඒ9 මාර්ගය හරහා යාපනය සංචාරයට එක්වන පිරිස් වෙත අවධානමෙන් ගමන් ගන්නා ලෙස ප්‍රදේශයේ ආරක්ෂක අංශ ඉල්ලීම් කරති. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් විශාල පිරිසක් අවතැන්ව සිටින අතර,අවතැන් පිරිස් ආරක්ෂක අංශ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් බේරා ගනිති. කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 37 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර,වැවේ වාන් මට්ටම අඩි 36 ක් වන බව කිලිනොච්චිය වාරිමාර්ග නිළධාරීන් පවසති. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..