brand logo

මාන්කුලමේ බිම් බෝම්බයක් පිපිරී තරුණයෙක් මරුට

04 September 2018

මාන්කුලම,මල්ලාවි මාර්ග‍යේ තේක්කවත්ත ප්‍රදේශයේ බිම් බෝමබ ඉවත්   කිරීමේ යෙදී සිටි තරුණයකු ඊයේ (03) සවස බෝම්බයක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තරුණයකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි. බිම් බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් නමැති ජාත්‍යන්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු මෙසේ අනතුරට පත්ව තිබේ. කිලිනොච්චියේ පදිංචි පද්මනාදන් දිලීපන් (28) යන අය ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඕමන්‍තේ පදිංචි ආර්. නිදර්ශන් (25) යන අය බරපතල තුවාල ලබා ඇත. තුවාලකරු වවුනියාව රෝහලට ඇතුළත්කොට මිය ගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා වවුනියාව රෝහලට යොමු කොට ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.
 

More News..