brand logo

මාන්කුලමේ දෙපිරිසක් අතර ගැටුමකින් 04කට තුවාල

29 May 2019

කිලිනොච්චිය,මාන්කුලම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ(29) රාත්‍රියේ ඇතිවු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් සිවිදෙනෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ දෙපිරිසක් අතර වු බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුමින් කාන්තාවන් සිවි දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවසක දේපළ වෙතද හානි සිදුව ඇති බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසුවේ ගැටුමින් තුවාල ලැබු පිරිස මාන්කුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..